අධිකරණ නියෝගය නොතකමින් මහ වැසි මැද ගුරුකන්ද නාහිමියන්ගේ දේහය, විහාර භූමියේම ආදාහනය කෙරේ

Monday, 23 September 2019 - 19:22

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%84%E0%B6%BA%2C+%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B7%E0%B7%96%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%B8+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
අධිකරණ නියෝගය නොතකමින් මහ වැසි මැද ගුරුකන්ද නාහිමියන්ගේ දේහය, විහාර භූමියේම ආදාහනය කෙරේ "
ගුරුකන්ද නාහිමියන්ගේ දේහය, විහාර භූමියේම ආදාහනය කෙරේ.

මුලතිව් - නයාරු - ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ ආදහාන පූජෝත්සවය විහාර භූමිය ආසන්නයේ සිදුකිරීමට දායක සභාව අද පියවර ගෙන තිබුණා.

කෙසේ වෙතත්, අධිකරණය විසින් නියෝග කළේ විහාරස්ථානය අසළ පිහිටි නයාරු මුහුදු වෙරළේ උන්වහන්සේගේ ආදාහන කටයුතු සිදුකරන ලෙසටයි.

එහෙත්, මුලතිව් අධිකරණයේ නියෝගය ලැබීමට ප්‍රමාදවීම හේතුවෙන් ආදාහන පුජෝත්සවය විහාරයට ආසන්නයේ වැව් ඉස්මත්තේ සිදුකළ බවයි විහාරස්ථානයේ දායක සභාව සඳහන් කළේ.

කෙසේ වෙතත්, ආදාහන පූජෝත්සවය පැවති ස්ථානයට හින්දු කෝවිල් සංගමය ඇතුළු නඩුවට පෙනී සිටි නීතිඥවරුන් පිරිසක් පැමිණ විරෝධය පෑම හේතුවෙන් එම ස්ථානයේ දැඩි නොසන්සුන් තත්ත්වයක් හට ගත් අතර, පොලීසිය මැදිහත් වී එය මැඬ පවත්වා තිබෙනවා.

මේ අතර, බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු පිරිසක් ද අද එම විහාරස්ථානයට පැමිණ සිටියා.

ඇතිවී තිබෙන ගැටළුකාරී තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සිංහලේ අපි ජාතික සංවිධානය අද බුද්ධශාසන අමාත්‍යාංශයට පැමිණියා.

එම අවස්ථාවේ විෂය භාර අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා එහි නොසිටි අතර ඔහුව දුරකථනයෙන් සම්බන්ධ කර දීමට එහි සිටි නිලධාරීන් කටයුතු කළා.