වෛද්‍ය සහ විධායක නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර 17ක්, අද මැදියම් රැයේ සිට වර්ජනයකට සැරසේ

Tuesday, 24 September 2019 - 7:05

%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+17%E0%B6%9A%E0%B7%8A%2C+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රජයේ විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුව ඇතුළු සංවිධාන 17ක් අද මධ්‍යම රාත්‍රීයේ සිට දීප ව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වනවා.

වැටුප් විෂමතා ගැටළුවක් ඊට හේතුව බවයි එම සංවිධාන ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, පසුගිය දා පැවැති සාකච්ඡාවකදී රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා විසින් එම වැටුප් විෂමතාව නිරාකරණය කිරීම සඳහා අද කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ප්‍රකාශ කර ඇති අතර, එය සාධාරණ නොවුවහොත් මෙලෙස අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන බවයි එම සංවිධාන ප්‍රකාශ කළේ.