දැරියක් ඇඳුම් මාරු කරන අයුරු වීඩියෝ කළ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

Tuesday, 24 September 2019 - 7:35

%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%85%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
13 හැවිරිදි දැරියක් ඇඳුම් මාරු කරන අයුරු ජංගම දුරකථනයෙන් වීඩියෝගත කරන ලද පොලිස් කොස්තාපල්වරයෙකු ගාල්ල - වරාය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොස්තාපල්වරයාගේ බිරිඳට අයත් වරාය පොලිස් වසමේ පිහිටි නිවසේ කොටසක් බදු දී ඇති අතර, එහි මෙම දැරිය සහ ඇයගේ දෙමව්පියන් පදිංචිව සිටින බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, දැරිය නාන කාමරයෙහි ඇඳුම් මාරු කරන අයුරු මෙම කොස්තාපල්වරයා විසින් වීඩියෝගත කර ඇති බව දැන ගැනීමෙන් පසු ඇගේ ඥාතීන් වරාය පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව මෙම සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද දින ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.