රිය අනතුරු දෙකකින් පුද්ගලයින් 21 දෙනෙකුට තුවාල

Tuesday, 24 September 2019 - 8:08

%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+21+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
හබරණ - ත්‍රිකුණාමලය සහ හබරණ - පොළොන්නරුව යන ප්‍රධාන මාර්ගවල සිදුවූ අනතුරු දෙකකින් පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

හබරණ - ත්‍රිකුණාමලය මාර්ගයේ ධාවනය වූ වන්දනාකරුවන් රැගත් බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ගසක ගැටී ඊයේ රාත්‍රියේ සිදුවූ අනතුරකින් පුද්ගලයන් 18 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එමෙන්ම, හබරණ - පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ දේවාලය අසළ ප්‍රදේශයේ දී තවත් පුද්ගලයන් 3 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ වාහන 4ක් එකිනෙක ගැටීමෙනුයි.

ඔවුන් හබරණ සහ පොළොන්නරුව යන රෝහල් වෙත ඇතුළත් කර තිබෙනවා.