උතුර - නැගෙනහිර නීතිඥවරු වර්ජනයේ

Tuesday, 24 September 2019 - 12:55

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+-+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%A5%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A
යාපනය, ත්‍රිකුණාමලය, මඩකලපුව, වාලච්චේන, මන්නාරම සහ අම්පාර යන ප්‍රදේශවල නීතිඥවරුන් සේවා කටයුතුවලින් ඉවත් වී වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

මුලතිව් - නයාරු - ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ ආදාහන කටයුතු අධිකරණ නියෝගයට පරිබාහිරව සිදුකළ බවට චෝදනා කරමිනුයි ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇත්තේ.

නීතිඥවරුන් සිය වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගාමීව මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට අද දහවල් විරෝධතාවක් ද සංවිධානය කර තිබූ බවයි අප වාර්තාකරු සදහන් කළේ.

පසුගිය සිකුරාදා අපවත් වී වදාල නයාරු - ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ ආදාහන පූජෝත්සවය විහාර භූමිය ආසන්නයේ සිදුකිරීමට දායක සභාව ඊයේ පියවර ගත්තා.

කෙසේ වෙතත්, මුලතිව් අධිකරණය විසින් නියෝග කළේ විහාරස්ථානය අසළ පිහිටි නයාරු මුහුදු වෙරළේ උන්වහන්සේගේ ආදාහන කටයුතු සිදුකරන ලෙසටයි.

ආදාහන පූජෝත්සවය පැවති ස්ථානයට හින්දු කෝවිල් සංගමය ඇතුළු නඩුවට පෙනී සිටි නීතිඥවරුන් පිරිසක් පැමිණ විරෝධය පෑම හේතුවෙන් එම ස්ථානයේ දැඩි නොසන්සුන් තත්ත්වයක් හට ගත් අතර, පොලීසිය මැදිහත් වී එය මැඬ පවත්වනු ලැබුවා.