අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වූවන්ට කඩිනමින් සහන දෙන්නැයි ජනපතිගෙන් උපදෙස්

Tuesday, 24 September 2019 - 13:08

%E0%B6%85%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත්ව සිටින ජනතාවට කඩිනමින් සහන ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා, ආපදා කළමනාකරණ අමාත්‍යවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ අදාළ අංශවල නිලධාරීන් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී කැදවා තිබුණා.

එහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ සහන කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවේ සහය ලබාගන්නා ලෙසත්, පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන ලබාදීමේදී ප්‍රතිපාදන ගැටළුවක් කර නොගන්නා ලෙසයි.

ඉදිරි මාස දෙකක කාලය තුළ වැසි තත්ත්වය පැවතිය හැකි බව මෙහිදී සදහන් කෙරුණු අතර, ඊට මුහුණදීම සඳහා සැලසුම්සහගතව කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.

මේ අතර, වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්ව සිටින දකුණු පළාතේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම රුපියල් ලක්ෂ 10 බැගින් ලබාදීමට කටයුතු කරන ලෙස පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර පළාත් ප්‍රධාන ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව ඉදිරි දින කිහිපයේදී අදාළ මුදල් පළාත් ලේකම්වරයා විසින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබාදීමට නියමිතයි.