එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සාකච්ඡාවක් අද

Tuesday, 24 September 2019 - 13:43

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි.

පස්වරු 2ට පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු කාමර අංක දෙකේ දී එම රැස්වීම පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා සහභාගි වන ලෙස එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ට ද දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, අද රාත්‍රි 7ට අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාරගේ නිවසේ ද එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් සාකච්ජාව නිරත වනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ අනිද්දා වනවිට එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පක්ෂ නායකත්වය අපොහොසත් වුවහොත් තනිව තරඟ කරන ලෙසට පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාසට දැනුම් දීමට සූදානම් බවයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ කතානායක කරූ ජයසූරියගේ සහභාගීත්වයෙන් ඊයේ පැවති සාකච්ජාවේදී අනිද්දා වනවිට පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ තිබුණා.

කතානායක නිල නිවසේ පැවති මෙම සාකච්ජාව පැය දෙකකට ආසන්න කාලයක් පැවති බවයි වාර්තා වන්නේ.

මේ එම සාකච්ජාවෙන් අනතුරුව පිටතට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණවලට පිලිතුරු ලබාදුන් පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස.

ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් යෝජනා 3ක් සම්මත කරගෙන තිබෙන බවට ද වාර්තා පළ වනවා.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඉදිරි දින දෙක ඇතුලත පැවැත්වීමට ද නියමිතයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකට තමා සමඟ එක්වන ලෙස පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලීමක් කර තිබෙනවා.