අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වූවන්ට නාවික හමුදා සහය

Tuesday, 24 September 2019 - 16:22

%E0%B6%85%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%84%E0%B6%BA
අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන සැළසීම සඳහා ප්‍රදේශ කිහිපයක නාවික හමුදා කණ්ඩායම් යොදවා තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, බද්දේගම, උඩුගම, පෝද්දල, ඉමදූව, නාගොඩ සහ කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, වළල්ලාවිට ප්‍රදේශවලට මෙන්ම මාතර - අකුරැස්ස ප්‍රදේශයටද මෙලෙස සහන කණ්ඩායම් යොදවා ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

ඒ අනුව ක්‍ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදාගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයේ සෙබළුන්ගෙන් සමන්විත මෙම සහන කණ්ඩායම් විසින් මේ වනවිටත් සිවිල් වැසියන් 417 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති අතර, ගං වතුර හේතුවෙන් අවතැන්ව සිටි පුද්ගලයින් 18 දෙනෙකු මුදාගෙන ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන ගොස් තිබෙනවා.