ඇල්පිටිය ඡන්දයට එරෙහි පෙත්සම සලකා බැලීම හෙට දක්වා කල් තැබේ

Tuesday, 24 September 2019 - 16:23

%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8+%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%9A
අලුතින් නාම යෝජනා කැඳවීමකින් තොරව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය පැවැත්වීම අත්හිටුවන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම යළි සලකා බැලීම හෙට දක්වා කල් තැබුණා.

ඒ එම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන බුවනෙක අලූවිහාරේ සහ ගාමිණී අමරසේකර ඉදිරියේ අද කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

එහිදී මෙම පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීමට උචිත බව හැඟීයන හෙයින් එය සලකා බැලීම කල් තබා තිබෙනවා.

ඇල්පිටිය ප්‍රදේශවාසීන් තුන්දෙනෙකු මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර ඇති අතර, ඔක්තෝම්බර් 11 වනදා අදාළ මැතිවරණය පවත්වන බවට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත්තේ එම කොමිසම රැස්වීමකින් තොරව බව පෙත්සමෙන් පෙන්වා දී ඇති බව සඳහන්.