දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහගේ වැඩ තහනම් කරයි

Tuesday, 24 September 2019 - 18:39

%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92+%E0%B6%A9%E0%B6%BA%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
වහාම ක්‍රියාත්මක වන පරිදි සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහගේ සේවය අත්හිටුවන ලෙස රාජ්‍ය සේවා කොමිසම නීතිපති දෙපාර්තමේන්තුවට දන්වා තිබෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කළේ දුරකථන මාර්ගයෙන් රාජ්‍ය සේවා කොමිසම මෙම දැනුවත් කිරීම සිදුකළ බවයි.

අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරියද වන සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සහ ඇවන්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අතර සිදුවූ දුරකථන සංවාදය පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස නීතිපතිවරයා ඊයේ රාජ්‍ය සේවා කොමිසන් සභාව වෙත දැනුම් දුන්නා.