එජාපයේ කණ්ඩායමක් පාර්ලිමේන්තුව අසළ තවත් සාකච්ඡාවක

Tuesday, 24 September 2019 - 19:19

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B7%83%E0%B7%85+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව ගැන සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අද රාත්‍රියේ පාර්ලිමේන්තු සංකීර්ණය අසළ පිහිටි අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාරගේ නිවසේ රැස්වන බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

මේ අතර, එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සහ කතානායක කරූ ජයසූරිය අතරද ඊයේ රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

කතානායක නිල නිවසේ පැය 3 කට ආසන්න කාලයක් පැවති මෙම සාකච්ඡාවේදී යෝජනා 3 ක් ඉදිරිපත් වූ බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

එහි පළමු යෝජනාව වන්නේ එළඹෙන ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස සියලූදෙනාගේම සහයෝගයෙන් පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වීමයි.

පක්ෂය තුළ මතුව ඇති අර්බුදය විසඳා ගැනීමට ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස කතානායක කරූ ජයසූරිය ඉදිරිපත් කිරීම දෙවන යෝජනාව වී ඇති බව සඳහන්.

තුන්වන යෝජනාව ලෙස ඉදිරිපත් වී ඇත්තේ පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පක්ෂ නායකත්වයට පත් කිරීමට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ යෝජනාවක් සම්මත කර ගැනීම සහ ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් වන යෝජනාවක් සම්මත කර ගැනීමයි.

කෙසේ වෙතත්, 2024 දී අමාත්‍ය සජිත් ප්‍රේමදාසට පක්ෂ නායකත්වය ලබාදීම සම්බන්ධයෙන්ද එහිදි යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

කෙසේ වෙතත් ඒ සඳහා අවසන් තීන්දුවකට එළඹී නොමැති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.