වෙල්ගම ගැන නිදහස් පක්ෂයට සැක

Tuesday, 24 September 2019 - 19:55

%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%9A
එළඹෙන ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ්ක්ෂකයා ලෙස තමා නම් කරන්නේ නම් ඊට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.

කෙසේ වෙතත් නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු දයාසිරි ජයසේකර අද පැවති මාධ්‍ය හමුවකදී ඊට ප්‍රතිචාර දැක්වූවා.

ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනතෙක් ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට තීරණයක් ගෙන නොමැති බවයි.

එවන් පසුබිමක කිසිසේත්ම කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළ නොහැකි අතර, ඔහු කිසියම් කණ්ඩායමක කොන්ත්‍රාත්තුවක් ඉටු කරන්නේද යන්න තමාට සැකයක් මතුවන බව නිදහස් පක්ෂ මහ ලේකම්වරයා මෙහිදී සඳහන් කළා.