හෙට සිට වැසි තත්වයේ අඩුවීමක්

Wednesday, 25 September 2019 - 6:59

%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින තද වැසි තත්වයේ අඩුවීමක් හෙට (26) දිනයේ බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක්  කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ අද දිනයේ ද බස්නාහිර දකුණ සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි.

මේ අතර බස්නාහිර දකුණ සබරගමුව සහ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වර්ෂාපතනයක්ද වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු පළාත්වල විශේෂයෙන් සවස් කාළයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ වැසි සහිත අවස්ථාවන්හි ඇතිවන තාවකාලික තද සුළං සහ අකුණු මගින් ඇතිවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්න ලෙසයි.