ආපදා තත්ත්වයෙන් 80,000 කට පීඩා

Wednesday, 25 September 2019 - 7:40

%E0%B6%86%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+80%2C000+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එක් අයෙකු මියගොස් කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල පවුල් 20,815කට අයත් පුද්ගලයින් 80,007 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.

ඔවුන් ආරක්ෂිත ස්ථාන 42 ක  රඳවා සිටින බවයි ආපදා කළමණකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

එසේ්ම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පූර්ණ නිවාස හානි 30ක් සහ අර්ධ හානි සංඛ්‍යාව 819 ක් වාර්තා වනවා.

මේ අතර කෑගල්ල, ගාල්ල, කළුතර, රත්නපුර සහ මාතර දිස්ත්‍රික්කවල අවදානම් සහිත ප්‍රදේශවලට පනවා ඇති නාය යාමේ අනතුරු ඇගවීම අද පෙරවරු 10 දක්වා දීර්ඝ කළ  බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ.

එසේම තවදුරටත් කළු, ගිං, නිල්වලා යන ගංඟා ගං වතුර මට්ටමේ පවතින අතර, අත්තනගලූ ඔය අවදානම් තත්ත්වයේ පවතිනවා.  

මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසකට බලපෑම් එල්ල කළ අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හෙට සිට තරමක අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ වෙතත්, බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වලට අද දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ඊයේ පෙරවරු 8.30 සිට අද අලුයම 3.00 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් ඇල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එය මිලිමීටර් 103ක්.

අධික වැසි හේතුවෙන් යටව පැවති පහත්බිම්වල ජලය මේ වන විට බැස යමින් පවතින බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ.