එජාපය තවත් තීරණාත්මක සාකච්ඡා දෙකක

Wednesday, 25 September 2019 - 7:48

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් හෙට පැවැත්වෙනවා.

ඒ, සිරිකොත එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානයේදියි

පෙරවරු 9 ට එය ආරම්භවීමට නියමිත බවයි එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

එහිදී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස අද පෙරවරුවේ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් හමුවන බව අමාත්‍ය මනෝ ගනේෂන් හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.

ඔහු තවදුරටත් කියා සිටියේ අද පස්වරුවේ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද හමුවීමට නියමිත බවයි.

එමෙන්ම, අද දිනයේ එක්සත් ජාතික පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට කොළඹින් බැහැර නොයන ලෙස දැනුම්දී ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළා.

හදිසි රැස්වීමක් කැඳවීම හෝ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීමක් පැවැත්වුවහොත් ඒ සඳහා  සහභාගිවිය හැකි ස්ථානයක රැඳී සිටින ලෙසයි පක්ෂ නායකත්වය සියලු මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත්තේ.   

එසේම ඊයේ රාත්‍රියේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන්ගේ විශේෂ රැස්වීමක් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

අමාත්‍යවරුන් වන රවී කරුණානායක, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, රංජිත් මද්දුමබණ්ඩාර, ලක්ෂ්මන් කිරිඇල්ල, නවීන් දිසානායක, අකිල විරාජ් කාරියවසම් ඇතුලූ පිරිසක් ඊට එක්ව තිබෙනවා.

එහිදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.