නාවුල ළිඳකින් ටී - 56 ගිනි අවියක් සොයා ගැනේ

Wednesday, 25 September 2019 - 7:57

%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%94%E0%B6%BD+%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A7%E0%B7%93+-+56+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
නාවුල - ඇළහැර මාර්ගයේ එකේ කණුව ප්‍රදේශයේ ළිඳක තිබී ටී 56 ගිනි අවියක් සොයාගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ නාවුල පොලිස් ස්ථානයේ බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකුට ලැබුණු තොරතුරක් මත ඊයේ මෙය සොයාගෙන ඇති බවයි.

කලක් තිස්සේ අතහැර දමා තිබූ මෙම ළිඳෙහි ගිනි අවියක් සඟවා තබන්නට ඇත්තේ කවුරුන්ද යන්න පිළිබඳව සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා.