යෝෂිත රාජපක්ෂ යළි නාවික හමුදා සේවයට

Wednesday, 25 September 2019 - 8:53

%E0%B6%BA%E0%B7%9D%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ පුත්, ලුතිනන් යෝෂිත රාජපක්ෂ යළි නාවික හමුදා සේවයේ පිහිටුවා තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අනුමැතියට යටත්ව 2016 වසරේ පෙබරවාරි 28 වන දා සිට මොහු යළි සේවයේ පිහිටුවීමට අදාළ නියෝගයට නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ඊයේ අත්සන් තැබූ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර කියා සිටියේ.

2016 වසරේ පෙබරවාරි 29 වනදා ලුතිනන් යෝෂිත රාජපක්ෂගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට නාවික හමුදාව පියවර ගනු ලැබුවේ සී.එස්.එන් නාලිකාව සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සිදුකළ පරික්ෂණය ස්වාධීනව සිදුකරගෙන යාම සඳහායි.