සෞඛ්‍ය කණිෂ්ඨ සේවකයින්, ගිලන් රථ රියදුරන් සංකේත වර්ජනයක

Wednesday, 25 September 2019 - 9:07

%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B6%AB%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%A8+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%9A%E0%B6%AD+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A
සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව අද පෙරවරු 8 සිට දීප ව්‍යාප්ත සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

එහි කැදවුම්කරු සුසිත් අරුණසිරි කියා සිටියේ වැටුප්, උසස්වීම් සහ බදවා ගැනීම් ඇතුළු ඉල්ලීම් 12ක් මුල් කර ගනිමින් මෙම සංකේත වර්ජනය සියළු රෝහල්වල මධ්‍යහන 12 දක්වා පැය 4ක කාලයක් ක්‍රියාත්මක බවයි.

වර්ජනයට සමගාමීව ප්‍රධාන රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණයක් ද සිදුකරන බවයි එම එකමුතුවේ කැදවුම්කරු සුසිත් අරුණසිරි කියා සිටියේ.

මේ අතර, වැටුප් විෂමතා මුල් කර ගනිමින් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අද දිනයේ ද වර්ජනයේ නිරත වන බවයි එහි ලේකම් පී.පී.එස්.ආර්. ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.