ඉදිකරමින් තිබූ ගොඩනැගිල්ලක පලංචියක් කඩා වැටීමෙන් අයෙකු මරුට

Wednesday, 25 September 2019 - 10:04

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A+%E0%B6%B4%E0%B6%BD%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
හෝමාගම - පිටිපන - මාහේනවත්ත ප්‍රදේශයේදී ඉදිකරමින් තිබූ සිව් මහල් ගොඩනැගිල්ලක පලංචියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ පස්වරුවේ සේවකයින් පිරිසක් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු සිදුකරමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වුණේ 30 හැවිරිදි වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

තුවාල ලැබූ දෙදෙනාගෙන් එක් අයෙකු බරපතල තත්ත්වයේ පසුවීම හේතුවෙන් ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා.