ලංකාවේ තාත්තයි පුතයි ගුවන් යානයක් පදවාගෙන කටුනායකට පැමිණෙයි (ඡායාරූප)

Wednesday, 25 September 2019 - 10:49

%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B6%BA%E0%B7%92+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AF%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ශ්‍රී ලාංකික සිවිල් ගුවන් සේවා ඉතිහාසයේ සුවිශේෂී කඩඉම් ලක්ෂයක් සනිටුහන් කරමින්, පියා සහ තම පුතා විසින් ගුවන් යානයක් පදවාගෙන තම මව්බිමට පැමිණීම 9/24 (ඊයේ) රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී සිදු වූවා.

මෙලෙස මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට පැමිණි එයා ඒෂියා ගුවන් සේවයට අයත් ඒ.කේ.- 047 දරන ගුවන් යානය පදවාගෙන පැමිණියේ ප්‍රධාන ගුවන් නියමුවා ලෙස උදිත දන්වත්ත සහ ඔහුගේ පුතුවන කවීෂ දන්වත්ත යි.

ඔවුන් දෙදෙනා පිළිගැනීමට උදිතගේ ආදරණීය බිරිඳ මල් මිටක් ද රැගෙන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියා.

එහිදී උදිත දන්වත්ත මහතා මෙසේ පැවසුවා.

මට මේ ගුවන් ගමන ඉතාමත් සුවිශේෂී එකක්. මම මගේ පුතාත් එක්ක මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත එයා ඒෂියා ගුවන් යානය පදවාගෙන  පැමිණියා.එහිදී මගේ සහායක ගුවන් නියමුවා ලෙස කටයුතු කළේ මගේ ආදරණීය එකම පුතා, කවීෂ දන්වත්ත. මේක අපි බලාපොරොත්තු වූ සිහිනයක්. මේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට සතුටු වෙන්න පුළුවන් අවස්ථාවක්. ආඩම්බර වෙන්න පුළුවන් අවස්ථාවක් .

මෙහිදී අදහස් දැක්වූ සහායක ගුවන් නියමු කවීෂ දන්වත්ත .

මේක මගේ කුඩා කාළයේ පටන්ම පැවති සිහිනයක්. මට අවුරුදු 22 කට පසුව ඒ සිහිනය සැබෑ කර ගන්නට පුළුවන් උනා. ඉතිං මට මේ තත්වයට එන්නට උදව් කළ මගේ ආදරණීය දෙමාපියන්ට , ගුරුවරුන්ට මේ අවස්ථාවේ මම ස්තුතිය පුද කරනවා.

මෙම පිය පුතු දෙපළ විසින් පදවාගෙන පැමිණි එයා ඒෂියා ගුවන් යානය යළිත් රාත්‍රී 10.55 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා පිටත්වූවා.