ජනාධිපතිවරණයට දේශපාලන පක්ෂ 6 ක් ඇප මුදල් තැන්පත් කර අවසන්

Wednesday, 25 September 2019 - 13:24

%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+6+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%B4+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
ජනාධිපතිවරණය සඳහා රාජාලියා ලකුණෙන් තරඟ වදින ප්‍රජාතන්ත්‍රවාදි එක්සත් ජාතික පෙරමුණ අද ඇප තැන්පත් කළා.

මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ එම පෙරමුණේ මහ ලේකම් ආරියවංශ දිසානායක විසින් අද පෙරවරුවේ මෙලෙස ඇප තැන්පත් කිරීම සිදුකර ඇති බවයි.

නොවැම්බර් මස 16 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා මේ වනවිට දේශපාලන පක්ෂ 06කින් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ජනාධිපතිවරණයට අදාල ඇප මුදල් තැන්පත් කිරීම ලබන මස 06 වනදා දහවල් 12ට අවසන් වනු ඇති.

මේ අතර ජනාධිපතිවරණයේ ආරක්ෂාව සම්බන්ධයෙන් මූලික වටයේ සාකච්ජාවක් ඊයේ පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්වුණා.

නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ ප්‍රදේශයේ පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් මෙම සාකච්ජාවට එක්ව සිට තිබෙනවා. මෙහිදී ජනාධිපතිවරණයේ නාමයෝජනා භාරදීම සිදුකරනු ලබන මස 07 වනදා රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව සහ ඒ අවට ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ජා කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ජනාධිපතිවරණ පණතට අනුව දේශපාලන අපේක්ෂකයන්ගේ පෝස්ටර්, බැනර් සහ කටවුට් ඉවත් කිරීම සම්බන්ධයෙන්ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පොලිසියට උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම ජනාධිපතිවරණයේදී ජන්දය අවභාවිතා වීම වැලැක්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව මියගිය සහ විදේශගත ජන්දදායකයින්ගේ තොරතුරු ලබා ගැනීමට තීරණය කර තිබෙනවා.

2018 ජන්ද නාම ලේඛනයේ ඔබ නිවසේ නම් ඇතුළත් ජන්දදායකයන් අතරෙන් ලබන මස 01 වනදා වනවිට මියගිය හෝ විදේශගත ජන්දදායකයන්ගේ තොරතුරු ලබන මස 05 වනදාට පෙර පදිංචි ප්‍රදේශයට අදාල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට හෝ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා වෙත දැනුම් දෙන ලෙසයි මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටින්නේ.