ගිනි අවියක් සමඟ සැකකරුවන් 5 දෙනෙකු මඩකලපුවේදී අත්අඩංගුවට

Wednesday, 25 September 2019 - 13:43

%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+5+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%A9%E0%B6%9A%E0%B6%BD%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මඩකලපුව - කල්ලියන්කාඩු ප්‍රදේශයේදී ගිනි අවියක් සහ උණ්ඩ 10 ක් සමඟ පුද්ගලයින් 5 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිවාස කොල්ලකෑමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 3 දෙනෙකු මඩකලපුව පොලීසිය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් ලද තොරතුරු මතයි අනෙක් පුද්ගලයින් දෙදෙනා ගිනි අවිය සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අවුරුදු 39 ත් 45 ත් අතර වයස්වල පසුවන, ඔවුන් මඩකලපුව, කල්ලඩි, ඉලුප්පඩිචේන, කරුවප්පන්කේනි සහ කුලාවාඩි ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය කියා සිටියා.