පොල් ගෙඩියක් හිසට වැටී කාන්තාවක් මරුට

Wednesday, 25 September 2019 - 13:45

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
පොල් ගෙඩියක් හිස මතට වැටීමෙන්, කන්දකැටිය - මැදලපිටිය ප්‍රදේශයේ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද මෙලෙස මියගොස් ඇත්තේ 61 හැවිරිදි කාන්තාවක් වන අතර, නිවස පිටුපසට ගොස් සිටියදී එහි තිබෙන පොල් ගසක ගෙඩියක් ඇගේ හිසට වැටී ඇති බවයි පොලීසිය කියා සිටියේ.

පසුව ඇය කන්දකැටිය රෝහලට ඇතුළත් කෙරුණු අතර, පසුව මහියංගනය සහ පේරාදෙණිය රෝහල් වෙත මාරු කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.