වන අලි පහරදීමකින් ගවයින් 4 දෙනෙකු මරුට

Wednesday, 25 September 2019 - 14:10

%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+4+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
කැකිරාව - ඔලොම්බෑව ප්‍රදේශයේදී වන අලි දෙදෙනෙකු සිදුකළ පහරදීමකින් ගවයින් 4 දෙනෙකු මියගොස් තිබෙනවා.

කලාවැව ජාතික උද්‍යානයේ සිට ආහාර සොයා ගම්වැඳුණු මෙම වන අලීන් වෙල් යායක තණ කැවීම සඳහා බැඳ තිබූ ගවයින්ට මෙලෙස පහරදී ඇත්තේ ඊයේ පස්වරුවේයි.

මේ අතර, මහියංගනය අවට ගම්මාන හා මිනිපේ ගොවි ජනපදයට මේ දිනවල උග්‍ර වන අලි තර්ජනයක් පවතින බව ප්‍රදේශයේ හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

රන්දෙණිගල හා මාදුරුඔය වන රක්ෂිතයෙන් පැමිණෙන අලි රංචු දවල් කාලයේදී මෙන්ම රාත්‍රී කාලයේදී ද ගම්වලට කඩා වදින බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ.