දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 5 දෙනෙකු රෝහල් ගත කෙරේ

Wednesday, 25 September 2019 - 14:13

%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AB+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+5+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ බද්දේගම අතර 85 වන කිලෝමීටර් කණුව අසල ප්‍රදේශයේදී මෝටර් රථයක් පෙරලීයාමෙන් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පවතින වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර සිට කොළඹ බලා ධාවනය වූ මෝටර් රථයක් අධික වේගයෙන් ධාවනය වීම නිසා අද පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධියෙන් තුවාල ලැබුවන් අතර කාන්තාවන් දෙදෙනෙකු ද අයත්.