කංජිපානි ඉම්රාන්ගේ පියා ඇතුලූ පිරිස යළි රිමාන්ඩ්

Wednesday, 25 September 2019 - 15:15

%E0%B6%9A%E0%B6%82%E0%B6%A2%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%89%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන්ට ලබාදීම සඳහා ජංගම දුරකතන රැගෙන ගිය ඔහුගේ පියා, සොහොයුරා ඇතුළු හයදෙනා ලබන මස 9 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, ඔවුන් ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ගංජා කිලෝ 05යි ග්‍රෑම් 300 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වසර 06 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම වූ කංජිපානි ඉම්රාන්  බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටිනවා.

පසුගිය 12 වනදා  සිරකරුවන්ගේ දිනයේදී ඔහු බැලීම සඳහා ඔහුගේ පියා, සොහොයුරා සහ ඥාතීන් සිව් දෙනෙකු බූස්ස බන්ධනාගාරයට පැමිණ සිටි අතර, එහිදී ඔවුන් කංජිපානි ඉම්රාන්ට ලබාදීමට රැගෙන ආ ආහාර අඩංගු භාජන දෙකක් බන්ධනාගාර නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්ව තිබුණා.

එහිදී භාජන දෙකෙහි විශේෂයෙන් සකසන ලද කොටසක් තුළ තිබී ජංගම දුරකතන දෙකක්, එම ජංගම දුරකතන දෙකෙහි චාජර් දෙක හා අඟල් 15 ක් පමණ දිග වයර් කැබැල්ලක් සොයා  ගැණුනා.


දළදා සමිදුන් වෙනුවෙන් පැවරී ඇති වගකීම නොපිරිහෙළා ඉටුකරනවා (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 22:31

කොවිඩ් 19 වසංගතයට මුහුණ දුන්නද දළදා සමිදුන් වෙනුවෙන් සිදුකරන... Read More

Update : ලෙබනන් පිපිරීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට - 100කට අධික පිරිසකට තුවාල (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 21:41

ලෙබනන්හි බීරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 10 දෙනෙකුට... Read More

මීගමුව පොලීසියේදී සම්පායෝට සහ සොහොයුරාට, තේ පැන් සංග්‍රහයක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 20:59

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More