ව්‍යාපාරිකයෙකුගේ මුදල් වංචා කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් දෙදෙනෙකු රිමාන්ඩ්

Wednesday, 25 September 2019 - 17:31

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
ෆේස්බුක් හරහා හඳුනා ගත් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 24 ලක්ෂ 40,000ක මුදලක් කප්පම් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් කාන්තාව සහ පුද්ගලයා ලබන මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔවුන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාළ ව්‍යාපාරිකයා සමඟ සබඳතාවක් පවත්වා ලබා ගත් නිරුවත් ඡායාරූප අන්තර් ජාලයට මුදා හරින බවට බියගන්වා ඔවුන්  මෙලෙස මුදල් ලබාගෙන ඇති බවයි අනාවරණ වී තිබුණේ.

පසුගියදා අත්අඩංගුවට ගත් මෙම කාන්තාව සහ අනෙක් සැකකරු අවස්ථා කිහිපයකදීම අදාළ පුද්ගලයාගෙන් මුදල් ලබාගෙන ඇති බවද පොලීසියට අනාවරණ වී තිබුණා.

අදාළ කාන්තාව රත්නපුර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තැනැත්තියක වන අතර, අනෙක් සැකකරු 28 හැවිරිදි මොරටුව ප්‍රදේශයේ පදිංචි ගුවන් හමුදාවෙන් පලා ගිය සෙබලෙක්.