අධිවේගී මාර්ගයේ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මරුට

Thursday, 26 September 2019 - 6:29

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩ සහ ගැලනිගම අතර සිදුවූ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තුන්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

මාතර දෙසට ධාවනය වූ ජීප් රථයක් ඉදිරියෙන් ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.  

ඊයේ රාත්‍රී 11.30 ට පමණ සිදුවූ මෙම අනතුරින් තුවාල ලැබූවන් අතර, කාන්තාවන් දෙදෙනෙකු සිටින බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.