වැස්සෙන් පීඩාවට පත් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි - පස්වරුවේත් වැසි ඇතිවන ලකුණු

Thursday, 26 September 2019 - 7:23

%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%87%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට සුදුසු කාලගුණ තත්ත්වයක් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.  

මේ වනවිට අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් එක්ලක්ෂ  දහසය දහස් අසූ තුන්දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

ආරක්ෂිත ස්ථාන 75 ක පුද්ගලයින් 42,351 දෙනෙකු රඳවා සිටිනවා.

මේ අතර කළුතර, කෑගල්ල, ගාල්ල, රත්නපුර සහ මාතර දිස්ත්‍රික්කවලට පැනවූ නායයෑම් අවදානම තවදුරටත් ක්‍රියාත්මක බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළා.