දුම්රිය වර්ජනය ඇරඹේ - ලංගම සේවකයන්ගේ නිවාඩුත් අවලංගුයි

Thursday, 26 September 2019 - 7:25

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A+-+%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B6%BA%E0%B7%92
වැටුප් විෂමතා ගැටළුවක් මුල් කරගනිමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වෘත්තිය සමිති ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.

තම වැටුප් විෂමතා ගැටළුවට රජය විසඳුමක් ලබාදෙන තුරු අඛණ්ඩව මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි වෘත්තිය සමිති ප්‍රකාශ කළේ.

මෙම වර්ජනය සඳහා දුම්රිය ස්ථානාධිපතිවරුන්, නියාමකවරුන්, පාලකවරුන්, අධීක්ෂකවරුන් සහ රියදුරන් එක්ව තිබෙනවා.  

මේ අතර දුම්රිය වර්ජනය හේතුවෙන් සියලූම ශ්‍රීලංගම සේවකයන්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා. එහි සභාපති උපාලි මාරසිංහ කියා සිටියේ ඒ පිළිබඳව ඊයේ සියලූ සේවකයන්ට දැනුම් දුන් බවයි.

මේ අතර කොටුව දුම්රියපළ ඉදිරිපිට සත්‍යග්‍රහයේ නිරත ආබාධිත රණවිරුවන්ගෙන් පස්දෙනෙකු ආරම්භ කළ මාරාන්තික උපවාසය තවදුරටත් ක්‍රියාත්මකයි.

ආබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක් වැටුප් ගෙවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ ද එය තමන් මියගිය පසු බිරින්දෑවරුන්ට ද හිමිවිය යුතු බව පවසමිනුයි ඔවුන් මෙලෙස මාරාන්තික උපවාසයේ නිරතවන්නේ.   

එමෙන්ම වැටුප් විෂමතා ඇතුලූ ඉල්ලීම් 6 ක් මුල් කරගනිමින් ලංකා ගුරු සේවා සංගමය සහ ලංකා ගුරු සංගමය ඇතුලූ වෘත්තිය සමිති 30 ක් අද සහ හෙට දිනයේදී සිය රාජකාරිවලින් ඉවත්ව වර්ජනයක නිරතවනවා.