ජනපති අපේක්ෂකයා තෝරන එජාප තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද

Thursday, 26 September 2019 - 7:27

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AD%E0%B7%9D%E0%B6%BB%E0%B6%B1+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF
එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද පැවැත්වෙනවා.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වෙන්නේ පස්වරු 3 ටයි.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස නම් කිරීමට පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එකඟත්වය පළ කර ඇති බවටයි මේ වනවිට වාර්තාවන්නේ.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් නිල දැනුම්දීමක් තමන් වෙත මෙතෙක් සිදුකර නොමැති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.