චන්දිමාල් හමුදාවට

Thursday, 26 September 2019 - 7:36

%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා යුද හමුදාවේ අධිකාරී ලත් නිලධාරියෙකු ලෙස බඳවාගැනීමට නියමිතයි.

ඔහු යුද හමුදාවට එක්වීමට කැමැත්ත පළ කර තිබූ අතර, ඒ අනුව මෙම අවස්ථාව හිමිවී ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මේ අතර යුද හමුදාව ප්‍රකාශ කළේ ඔහු යුද හමුදා ක්‍රිකට් කණ්ඩායමද නියෝජනය කරනු ඇති බවයි.