තලාතුඔය දේවාලයකින් කොල්ලකෑ කෝටි 5 ක රන් ආභරණ සමඟ හතරදෙනෙකු අත්අඩංගුවට

Thursday, 26 September 2019 - 8:04

%E0%B6%AD%E0%B6%BD%E0%B7%8F%E0%B6%AD%E0%B7%94%E0%B6%94%E0%B6%BA+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%91+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+5+%E0%B6%9A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%B7%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මහනුවර -තලාතුඔය - ගාල්තැන්න ප්‍රදේශයේ දේවාලයකින් රුපියල් කෝටි 5 ක වටිනාකමකින් යුත් රන් ආභරණ කොල්ලකෑමේ සිද්ධියට සැකකරුවන් හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද අලූයම මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ දේවාලය පිහිටි මාර්ගයේ දෙපස සී සී ටී වී දර්ශන පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුවයි. සී සී ටී වී දර්ශන පරීක්ෂා කර සැකකරුවන් පැමිණි ත්‍රිරෝද රථය සොයාගෙන ඇති අතර, ඒ ඔස්සේ සිදුකළ පරීක්ෂණවලට අනුව මොවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

ඊයේ අලූයම මෙම දේවාලය කොල්ලකෑම සඳහා සැකකරුවන් හයදෙනෙකු පැමිණ ඇති අතර, ඔවුන් එහි සිටි කිහිපදෙනෙකු බියගන්වා, අත්පා ගැටගසා රුපියල් ලක්ෂ 4 ක මුදලක් සහ රුපියල් කෝටි 5 ක වටිනාකමකින් යුත් කිලෝ 10 කට අධික බරකින් යුත් රන් ආභරණ කොල්ලකා පලාගොස් තිබුණා.

කොල්ලකන ලද රන් ආභරණ ද සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් කියා සිටියේ.