වැස්සත් සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානමක්

Thursday, 26 September 2019 - 10:53

%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

එම නිසා ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බවටයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම්දෙන්නේ.

මේ වසරේ ගෙවුණු කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 48,900 ක් වාර්තාවී ඇති බව වසංගත රෝග විද්‍යායතනය ප්‍රකාශ කළා.

වැඩිම රෝගීන්  පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන්  වාර්තා වන අතර එම සංඛ්‍යාව 10,125 ක්.