කෘත්‍යාධිකාරි හමුවට පෙර සජිත් අරලියගහ මන්දිරයට

Thursday, 26 September 2019 - 12:51

%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%84+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ නම අද පැවැත්වෙන පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් යෝජනා කිරීමට නියමිත බව අමාත්‍ය නවීන් දිසානායක ප්‍රකාශ කළා.

අරලියගහ මන්දිරයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පක්ෂ ජ්‍යෙෂ්ඨයින්ගේ හමුවක් පැවති අතර, ඊට නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ද එක්ව සිටියා.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තීන්දු කෙරෙන තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව අද පස්වරු තුනට පැවැත්වෙන්නේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදියි.