නවගත්තේගමින් හමුවූ ඇතා විෂ ශරීර ගතකර ඝාතනය කර ඇතැයි හෙලිවේ

Thursday, 26 September 2019 - 13:10

%E0%B6%B1%E0%B7%80%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A%E0%B6%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%87%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%82+%E0%B7%81%E0%B6%BB%E0%B7%93%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%9A
පුත්තලම - නවගත්තේගම - මොරගහවැව - කුරුදුවැටිය වැවේ විෂ ශරීර ගතව මියගොස් සිටි ඇතාගේ දළ යුගලයෙන් එක් දළක් කිසියම් අයෙකු කපාගෙන ගොස් තිබෙනවා.

ඒ අනුව එම දළය සහ එය කැපූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශණයක් ආරම්භ කර ඇති බවයි නවගත්තේගම පොලිසිය සඳහන් කළේ.

අවුරුදු 15ක් පමණ වයසැති අඩි 7ක් උසැති මෙම සත්වයා මීට දින කිහිපයකට පෙර මියගොස් සිටි අතර වනජීවි දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කලාපය භාර පශූ වෛද්‍ය චන්දන ජයසිංහ ඊයේ සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙලි වුණේ විෂ ශරීර ගත වී මෙම ඇතා මියගොස් ඇති බවයි.

පළතුරක් හෝ වෙනත් ආහාරයක් සමඟ වස මිශ්‍ර කර කෑමට ලබාදී ඇති බවත් පසුව දැඩි ලෙස අසාධ්‍යව වැවට පැමිණ මෙම සත්වයා එහිදී මරණයට පත් වන්නට ඇති බවටයි වනජීවි නිලධාරීන් සැක පළ කරන්නේ.

පසුව කිසියම් පුද්ගලයෙකු දළ යුගලයෙන් එක් දලක් කපාගෙන ගොස් තිබෙනවා.

ප්‍රදේශය භාර උසස් වනජීවි නිලධාරියෙකු කියා සිටියේ අනෙක් දළ ඇතාගේ සිරුරට යටවී පස් තුලට කිදා බැසීම නිසා කැපීමට නොහැකි වී ඇති බවයි.

කපා රැගෙන ගිය දළය අඩි 2ක් පමණ දිගින් යුක්ත බව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ සිදු කරන නවගත්තේගම පොලිසිය සඳහන් කළා.