පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් මැරූ දෙදෙනෙකුට දඩ

Thursday, 26 September 2019 - 14:02

%E0%B6%B4%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BA%E0%B7%9C%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%96+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AF%E0%B6%A9
පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් මැරීම සම්බන්ධයෙන් වරදකරු වු පුද්ගලයින් දෙනෙකුට එක් අයෙකුට රුපියල් 75,000 බැගින් දඩ නියම කර තිබෙනවා.

ඒ ඊට අදාළ නඩුව ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හමුවේ ඊයේ කැදවූ අවස්ථාවේදීයි.

පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් මැරීමට මෙම පුද්ගලයින් දෙදෙනා උත්සාහ කරන අවස්ථාවේදී පසුගියදා පොලීසිය මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ අතර, ත්‍රිකුණාමලය - සුඩෙයිකුඩා වෙරළ ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1 ක් අඩංගු පාර්සලයක් ඊයේ නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.