පොහොට්ටුව තවත් පක්ෂ 19ක් සමග ලබන 5 වනදා අවබෝධතා ගිවිසුමකට

Thursday, 26 September 2019 - 14:04

%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+19%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+5+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B6%85%E0%B7%80%E0%B6%B6%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවත් දේශපාලන පක්ෂ 19 ක් සමඟ ඔක්තෝම්බර් 5 වනදා අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

මේ අතර, ගාල්ලේදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම ප්‍රකාශ කළේ ඉදිරි සතිය තුලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධාන ගතවන බවයි.