රුපියල් මිලියනයකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Thursday, 26 September 2019 - 14:56

%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%86%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
රුපියල් මිලියනයකට ආසන්න වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු මන්නාරම - මැදවච්චිය ප්‍රධාන මාර්ගයේ තිරුකේතීෂ්වරන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ මෙම පුද්ගලයා සිය ත්‍රිරෝද රථයෙන් තිරුකේතිෂ්වරන් ප්‍රදේශයට යමින් සිටියදී එම රථය මන්නාරම පොලිස් දූෂණ මර්දන අංශය විසින් පරීක්ෂාවට ලක් කළා.

එහිදී සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය  ග්‍රෑම් 230 ක් සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.

30 හැවිරිදි ඔහු කළක සිට මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමේ නිරතව සිට ඇති අතර, කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.