ඇල්පිටියේ තැපැල් ඡන්දය අද

Friday, 27 September 2019 - 7:20

%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
ඔක්තෝම්බර් 11 වැනිදා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද විමසීම අද සිදුකිරීමට නියමිතයි.

ඒ සඳහා ඡන්ද දායකයින් 1,192 සුදුසුකම් ලබා තිබෙනවා.

අද දින තැපැල් ඡන්දය ලබාදීමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයින්ට ඒ සඳහා ලබන මස 04 වැනිදාද ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ පහසුකම් සලසා දී ඇති බවයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මේ අතර, ජනාධිපතිවරණයේ ඡුන්ද විමසීමට අදාළව ඊයේ වනවිට අපේක්ෂකයින් 08 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

එමෙන්ම, ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සියලූම පොලිස් ස්ථානවල මෙහෙයුම් මැදිරි සහ කොට්ඨාශ මෙහෙයුම් මැදිරි ස්ථාපිත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියා.

ඇඹිලිපිටිය පොලිස් ස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මැතිවරණ කොමසාරිස් කාර්යාලය තුළ ද විශේෂ පොලිස් මෙහෙයුම් ඒකකයක් දැනටමත් ස්ථාපිත කර ඇති බවයි.