පින්නවලින් ජාත්‍යන්තරයට ගිහින් ලොවම හෙල්ලූ අපේ සුපිරි වැඩකරු තරිඳු යළි මව්බිමට

Friday, 27 September 2019 - 7:33

%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B6%B8+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%E0%B7%94+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%A7
ශ්‍රී ලංකාව වෙනුවෙන් රාවණා - 1 නමින් නැනෝ තාක්ෂණය සහිත චන්ද්‍රිකාවක් නිපදවා, අභ්‍යවකාශ ගත කළ ශ්‍රී ලාංකික විද්‍යාඥ තරිඳු දයාරත්න මහතා ඊයේ රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් මව්බිමට පැමිණියා.

එහිදී විද්‍යාඥ තරිඳු දයාරත්න මහතා පිළිගැනීමට ඔහුගේ ආදරණීය මෑණියන්, ඔහු අධ්‍යාපනය ලැබූ පින්නවල මධ්‍ය මහා විද්‍යාලයේ වත්මන් විදුහල්පතිතුමා ආදි සිසුන් ඇතුළු පිරිසක් බණ්ඩාරනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියා.

යළි මව්බිමට පැමිණි විද්‍යාඥ තරිඳු දයාරත්න මහතා මෙලෙස අදහස් පලකලා.

මම මේ චන්ද්‍රිකාව නිෂ්පාදනය කළේ ශ්‍රී ලංකාව වෙනුවෙන්. මේක කොළඹ ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානයේ ව්‍යාපෘතියක්. මට ගොඩක් සතුටුයි. අහස දිහා බලනකොට, අපි නිපදවූ චන්ද්‍රිකාවක් පොළව වටේ යනව නේද කියල හිතෙනවා. අපි  තව වසර 05 ක් තුළ ශ්‍රී ලංකාවේ දී චන්ද්‍රිකාවක් නිපදවා, ශ්‍රී ලංකාවෙදිම අභ්‍යවකාශ ගත කිරීමට බලාපොරොත්තු වෙනවා.