වර්ජනය පැවතුණත් කාර්යාල දුම්රිය 10ක් කොළඹ කොටුවට

Friday, 27 September 2019 - 8:07

%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%AB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+10%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%A7
දුම්රිය සේවකයින්ගේ වර්ජනය පැවතුණ ද කාර්යාල දුම්රිය 10ක් අද උදෑසන කොළඹ කොටුව බලා ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ වේයන්ගොඩ, මහනුවර, පොල්ගහවෙල, මහව, කුරුණෑගල සහ අවිස්සාවේල්ල සිට එක් දුම්රියක් බැගින් ධාවනය කෙරෙන බවයි.

ගාල්ල සහ හලාවත සිට කාර්යාල දුම්රිය දෙක බැගින් ධාවනය කෙරෙනවා.

පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට වැටුප් විෂමතා ගැටළුවක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන්, ස්ථානාධිපතිවරුන්, අධීක්ෂකවරුන් මෙම වර්ජනය ආරම්භ කරනු ලැබුවා.

ඊයේ දිනයේදී ධාවනය වූයේ කාර්යාල දුම්රිය 12ක් පමණයි.