විසුරුවා හැරීමට නියමිත ඌව පළාත් සභා මන්ත්‍රීවරුන්ට ලක්ෂ 113ක දීමනා

Friday, 27 September 2019 - 12:58

%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%92%E0%B6%AD+%E0%B6%8C%E0%B7%80+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+113%E0%B6%9A+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F
ඌව පළාත් සභාව විසුරුවා හැරීමට දින 15ක කාලයක් ඉතිරිව තිබියදී මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂ 113කට අධික කාර්යාල දීමනා ලබාදීමේ පරිපූරක ඇස්තමේන්තුවක් සම්මත කර ගත් බවට පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න චෝදනා කරනවා.

ඊයේ පැවති අවසන් සැසි වාරයේදී මෙම පරිපූරකය සම්මත කරගෙන ඇති අතර, ජනතා විමුක්ති පෙරමුණ වශයෙන් තම කණ්ඩායම ඊට විරෝධය පළ කළ බවයි මන්ත්‍රීවරයා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.