මහනුවර කන්‍යාරාමයක් ඉහළින්, ඩ්‍රෝන යානාවක් පියාසර කළ බවට පැමිණිලි

Friday, 27 September 2019 - 13:10

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%A9%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B6%BB+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92
මහනුවර - යහපත් එඬේරාගේ කන්‍යාරාමයට ඉහළින් දින දෙකක් ඩ්‍රෝන කැමරාවක් සැරු සැරූ බවට එහි විදුහල්පතිනිය පොලීසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

පසුගිය 12 සහ 13 යන දෙදින එම ඩ්‍රෝන කැමරා නිරීක්ෂණය කළ බවයි මහනුවර යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ විදුහල්පතිනී මේරි චන්ද්‍රිකා පෙරේරා කන්‍යා සොහොයුරිය හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සී.සී.ටී.වී දර්ශන යොදා ගනිමින් විමර්ශන ආරම්භ කර ඇති අතර, බුද්ධි අංශ සහ පොලීසිය එක්ව මේ වන විටත්  පරීක්ෂණ
සිදුකරන බවයි මහනුවර පොලීසියේ උසස් පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ.