දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100ක තද වැසි

Friday, 27 September 2019 - 13:24

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%93%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+100%E0%B6%9A+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
දකුණු සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම සහ ඌව පළාත්වලට මෙන්ම ගම්පහ, කොළඹ සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට මිලිමීටර් 75 ඉක්ම වූ වැසි ඇති විය හැකි බවයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද එම නිවේදනයේ දැක්වෙනවා.