ග්ලයිෆොසෙට් අඩංගු පොහොර තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Friday, 27 September 2019 - 13:52

%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B7%86%E0%B7%9C%E0%B7%83%E0%B7%99%E0%B6%A7%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BB+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
තහනම් වල් නාශකයක් වන ග්ලයිෆොසෙට් අඩංගු පොහොර පැකට් 186ක් සමඟ පුද්ගලයෙකු මැදවච්චිය නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාව එක්ව මැදවච්චිය නගරයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 18.6ක් බරැති ග්ලයිෆොසෙට් අඩංගු පොහොර තොගය සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු පොහොර තොගය සමඟ වැඩිදුර විමර්ශන සඳහා අනුරාධපුර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.