ඇවන්ගාඩ් නඩුවේ විත්තිකරුවන්ට අධි චෝදනා භාර දෙයි

Friday, 27 September 2019 - 14:39

%E0%B6%87%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඇවන්ගාඩ් නඩුවට අදාළව අද විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට ඉදිරිපත් කළ පාලිත ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් 5 දෙනෙකු ඇප මත මුදා හැරුණා.

ධම්මික ගනේපොල, ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන විනිසුරු මඩුල්ල හමුවේයි නඩුව විභාගයට ගැණුනේ.

ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරාල්වරුන් වන පාලිත ප්‍රනාන්දු සහ කරුණාරත්න බණ්ඩාර අධිකාරී එගොඩවෙල මෙන්ම රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර සහ පොලිස් කොමිසමේ හිටපු ලේකම් සමන් දිසානායකට මෙහිදී ඇප හිමිවුණා.

එසේම, අද ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් ඇවන්ගාඩ් සමාගමේ සමුද්‍ර ආරක්ෂක අංශ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ විශ්වජිත් නන්දන දියබලනගේ ද මෙහිදී ඇප මත මුදා හැරුණා.

එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 ක මුදල් ඇපයක් සහ ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරුවන් මුදා හැරුණු අතර, අධිකරණයට ඉදිරිපත් කළ තවත් සැකකරුවන් 3 දෙනෙකු පෙර ඇප මත මුදා හැරීමටයි විනිසුරුවරුන් කටයුතු කළේ.

එසේම, අද දිනයේ ඇවන්ගාඩ් හා රක්නාලංකා සමාගම්වලට සහ විත්තිකරුවන්ට එරෙහිව අද අධි චෝදනා භාර දීම ද සිදුවුණා.

ඇවන්ගාඩ් නෞකාව තුළ බලපත්‍ර රහිතව ස්වයංක්‍රීය ගිනි අවි 813 ක් සහ ජීව උණ්ඩ දෙලක්ෂ 935 ක් තබා ගැනීම, ප්‍රවාහනය කිරීම ඇතුළු කරුණුවලට අදාළව චෝදනා 7573 ක් යටතේ නීතිපතිවරයා විසින් නඩුවට අදාළ අධි චෝදනා ගොනුකර තිබෙනවා.

නඩුව යළි නොවැම්බර් 8 වනදා කැඳවීමට නියමිතයි.