අද පස්වරුවේ විශේෂ කැබිනට් රැස්වීමක්

Friday, 27 September 2019 - 15:49

%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
අද පස්වරු 6 ට විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා තිබෙනවා.

රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම කැබිනට් රැස්වීම කැඳවා ඇති බවයි අමාත්‍ය ගයන්ත කරුණාතිලක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

එසේම, දැනට ක්‍රියාත්මක දුම්රිය වර්ජනය පිළිබඳව ද මෙම විශේෂ කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිත බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.