ජනපති සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් අතර හමුවක්

Friday, 27 September 2019 - 16:44

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%99%E0%B7%82%E0%B7%8A%E0%B6%A8+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් අතර හමුවක් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පිරිසක් මෙම හමුවට එක්ව සිටි බවයි.

ජනාධිපතිවරයා මාසිකව මෙම හමුව කැඳවන අතර පසුගිය සාකච්ඡාවේදී එළඹි තීරණවල ප්‍රගතිය මෙහිදී විමසා බලා තිබෙනවා.

ඒ අනුව නිලධාරින්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමේ වැඩසටහන් සඳහා ප්‍රමුඛත්වය මත ප්‍රතිපාදන වෙන් කර ගැනීම, පොලිස් රෝහල්වල පවතින වෛද්‍යවරුන්ගේ හිඟය මඟහැර වීම සඳහා කඩිනමින් වෛද්‍යවරුන් ලබා ගැනීම සහ පොලිස් විධායක ශ්‍රේණියේ නිලධාරින්ගේ වැටුප් හා ශ්‍රේණිගත කිරීම් විෂමතා ඉවත් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

රාජ්‍ය අංශයේ වැටුප් ගැටලූ පිළිබඳව වැටුප් කොමිසම හරහා පොදු වැඩපිළිවෙලෙකට එළඹීමට අද පැවැත්වෙන විශේෂ කැබිනට් රැස්වීමේදී අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී ප්‍රකාශ කළා.

මේ අතර, කැළණිය ගුරුකුල විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය අද පැවැත්වුණේ ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.

එසේම, චීන රජයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇති රුපියල් මිලියන 750 ක් වටිනා මත්ද්‍රව්‍ය සහ පුපුරණ ද්‍රව්‍ය හඳුනා ගැනීමේ අති නවීන යන්ත්‍ර ඇතුළු සෝදිසි කිරීමේ උපකරණ ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් භාරදීම ද අද ජනාධිපති කාර්යාලයේදී සිදුවුණා.