සඳහිරු සෑයේ රත්‍රං සිද්ධියට හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් අත්අඩංගුවට

Friday, 27 September 2019 - 19:32

%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%91%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%A2%E0%B6%B1%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් පී.විජේවීර සහ හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් තාරක සෙනෙවිරත්න පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක පසුගියදා නියෝග කළා.

ඒ අනුරාධපුර - සඳහිරුසෑයේ තැන්පත් කිරීම සඳහා කිලෝග්‍රෑම් 8 ක බරකින් යුත් රත්‍රං සමාධි පිළිමයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා රේගුව සතු රත්‍රං ලබාදී සාපරාධි විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

ඒ අනුව, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී සහ බදුල්ලේ රෝහලකදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.